Tuesday, May 27, 2014

කඳු අතර ඉහිරෙනා සිහිනයට ඉඩ දෙමි



උස නැඟුණු ඉරුං ගස්
අතර ඇවිදන් යමි
කඳු අතර ඉහිරෙනා
සිහිනයට ඉඩ දෙමි

දොළ නඟන සිනා කොඳ
අතර මිහිදුම පිරී
ජීවිතය උතුරමින්
ගලන හැටි විඳ ගමී

නුඹට පෙම් කළ හිතට
තව පෙමක ඉඩ නැතී
මුමුණ මුමුණා දුවයි
සුළඟ හා මල් පෙතී

Picture - Alois Arnegger

2 comments:

  1. සිතුවම මැවිල පේනවා. උදෙන්ම හිත නිවාගත්තා.

    ස්තූතියි ගොඩක්ම.

    ReplyDelete