
අහස මම වැසි අහිමි
පෙම් කතා සියලු නිමි
සුවඳ පමණක් නොනිමි
පෙර දාක නුඹට හිමි
විටින් විට වැසි නොකල
අකුණු පමණක් දැරි
හඬන්නට බැරි හදක
විදිලි එළි පෙරදැරි
අහස මම වැසි අහිමි
සුපුල නිලුපුල පතමි
දිය කැඩපතෙහි බැමි
ඉරි තැලුණු බිමට නැමි
Picture - Francois Fressinier
කඳු වලට ආසා කරන කඳු අතරින් තවත් කවි ලස්සන පෙලක් ලියලා තියෙන්නේ.
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න