Thursday, May 1, 2014
මල් පිපෙන්නෙත් උහුට සියල් දේදුනු මවා
‘‘මගේ අම්මා ඉරාමනාදර් රාසම්මා. තාත්තා අයයම්පිල්ලේ ෂන්මුගම්පිල්ලේ. ඒ දෙන්නම දැන් ඉන්නේ වන්නියේ. අවු.76ක් තරම් වයස ඔවුන්ට යුද්ධය කොයිතරම් පීඩනයක් කරලා ඇද්ද කියලා හිතා ගන්න බෑ. බේත් හේත් නැතිව, මුදල් නැතිව පිළිසරණක් වන්නට යුද්ධය ඉඩ දෙන්නේ නැහැ. යුද්ධය විසින් අපව ඈත් කරවලා..''(2000, දමිළ කවියෙහි ශ්රී ලාංකික සළකුණ – ජෙයපාලන් කෘතියෙන්)
ඉරාමනාදර් රාසම්මා
මුහුද යළි නොපෙරළේවිද
ගල් කුළු නොදෙදරාවිද
ඔබ නිදන බිමදිම
පුතුගෙ හිත තලා දැමු කොට
බිය ගෙනෙනවා අඳුර
සසල කරමින් සසර
සොයන විට උහු ගොදුර
කඳුළකද බල කවර
හැඬුමුත් කුවේණිය දහක් කවි පද කියා
ඇහැක් ඇර බැලුවාද අහසවත් පා දයා
සියල් අප අත් බැඳ හිත මුගුරකින් තලා
කළත් පිටුවහල් සයනෙන් නැඟෙද දෙව් සබා
විලාපය අරන් යා හැකිද සුළඟක කවා
දැල් දමා වළකාවි කලියුගයෙ නල පවා
අපේ හද ලේ වගුල පසක මතු අප දවා
මල් පිපෙන්නෙත් උහුට සියල් දේදුනු මවා
Picture - Vincent van Gogh
Subscribe to:
Post Comments (Atom)
අගෙයි. ලොකු කතාවක් සංක්ශිප්තව
ReplyDelete