Saturday, May 24, 2014

මුළු හදම ඕනෑය මගෙ නමින්



පුළුලුරින් එක පසක්
වෙන් කරන්නට හැකිද මගෙ නමින්
ලවන් තෙර සිනා නෙළුමක්
පුබුදුවන්නට හැකිද මා නමින්
නිල් නයන මත දිලෙන පහන් පැල එළියක්
තබන්නට හැකිද මා යන මඟින්
ඒත් නුබ පුරා සඳ මෙන් සුපිපි ඔබේ
මුළු හද ම ඕනෑය මගෙ නමින්

මේඝයක් මෙන් අහසම කඩා ඇවිත්
ගෙනයන්න හැකිද දුක මා හදින්
හාදු පිනි තෙත මුසුව හදේ ඉන්දා නෙළුම
සිපගන්න හැකිද මිණිවර කුසුම්

මුළු හද ම ඕනෑය මගෙ නමින්
මුළු හදම ඕනෑය මගෙ නමින්

Picture - 'A beautiful mind'

1 comment:

  1. \\මුළු හද ම ඕනෑය මගෙ නමින්//

    මෙහෙම උනාම නම් අර කීව අනිත් දේවලුත් නික්ම්ම මුළුමනින්ම අයිතිවෙනවා.

    ReplyDelete