Friday, May 9, 2014

එය මුද්දක්



එය මුද්දක්
මා අතින් කැඩුණ
එහෙත් මගේ නොවන
මගේ නොවන බැවින් බලවත් පීඩා ගෙනන
එය මුද්දක්
තැනින් තැන ගල් ඇල්ලූ මල් ඇති

මගේ යැයි කිසිත් නැති බව
වදාරා ඇති මුත් අරහත්වරු
මගේ වූවා නම් මෙය
මේ සා බියක් නැති

මගේ යැයි කියන දෙය
මගේ යැයි නොකියන දෙයට වඩා
ඇතැම් විට ඉතා පහසු ඇති

Picture - Rimi Yang, Sun Flower

No comments:

Post a Comment