
කිරි කෝඩු වෙම්
සිරි පාද කඳු නැඟ ආවෙම්
දෙවිඳුන් කොයි නොහිම්
නොබැණම පිදූවෙම් වැඳුම්
හද රිදුණු තැන් බිඳුම්
නිවාලන කල්කය සඳුන්
අතරමඟ හමු නොවු බැවින්
විසි කළෙමි හැරමිටිද මම්
නොනිදා පහන් කළ නියං
සමයක සිහින විහිඟුම්
හද මත නඟන කල ගුම්
හෙළෙන් පැන ආලයද නොතරම්
සිඳී යන කල උවම්
කෙලෙස ලියමිද කව් පෙම්
හිරු දැක නතර වෙම්
කිකල දුක් දරනෙම් ද අසනෙම්
ඉදිකටුපාන අස නැවතෙම්
ඉදිකටු ඇනී රිදෙන සිත වළකම්
ගමනක වෙහෙස රැය මැදියම්
සිරි පද නෙළුම සිත තබා විඳ ගම්!
Picture - cy_twombly-quattro_stagion
ඉදිකටුපාන අස නැවතෙම්
ReplyDeleteඉදිකටු ඇනී රිදෙන සිත වළකම්////
පට්ට....
මාත් තුං පාරක් විතර නැගල තියේ ඒත් කවදාවත් කවිසිතුවිල්ලක් නං පහලවෙලා නෑ.... ඔව්...
මම එක පාරක්වත් නැඟල නැහැ.. :( :) මේ හිතින් මවා ගත් දේවල්!
Deleteලස්සනයි කවි
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ස්තූතියි!!
Deleteලස්සනයි කවි ටික.
ReplyDeleteගිය අවුරුද්දෙ තමයි පළමු වතාවට සිරිපා කරැණා කළේ..මාත් මගේ නංගිත් හැරෙන්න සිරිපා ඒ තරම් අමාරුවෙන් කරුණා කළ බැතිමතුන් තවත් නම් ලෝකෙ නැතිව ඇති...........
:)
Deleteලස්සනයි...
ReplyDeleteස්තූතියි!!
Delete