දිවි මඟ වැරදුණු තැන
කොතැනද පුතුනේ
මවුවත් වුණු ලොවක නොවේ
අප ජීවත්වන්නේ
අප ජීවත් වන්නේ
තුසර මවා ඇසි පිය මත ලොව හිනැහෙන්නේ
හද මත පිපි පියුම සිඳන් හැඩ බලමින්නේ
එවන් ලොවක හද සැළමුතු සුවඳ උපන්නේ
මගේ පුතා හිත දිනනා මඟ හඳුනන්නේ
කරදහි මත ලියැවුණු පණ නොමැත රැඳෙන්නේ
කරදිය රස දිය අරගෙන නෙතින හැලෙන්නේ
සම සිත ගෙන ඉර සඳ දෙස නෙත හෙළපන්නේ
දෙරණත සිප එසඳ පුතේ මල් පීදෙන්නේ
pic. - Lisa Lala, American
මේ කෙතරම් මනහර බ්ලොග් පෙලක්ද. දැක ගන්නට ලැබුනේ අදමය. කියවන්නට පටන් ගත්තෙමි. ගමන් සගයකු මුණගැසුන සේ ප්රීතියක් දැනේ. හැඳින්වීමේ සටහනට ම ඉතා කැමතිය. මල්හාර් රාගය ඉතා ලස්සන රාගයක්. මෙන්න මල්හාර් රාගයෙන් තැ නු මනහර ගීතයක්
ReplyDeletehttp://www.youtube.com/watch?v=bPR_x75dejI
මදර් ඉන්දියා චිත්රපටයේ
ථේර ගාථා පාලියෙන් කියවිය හැකි ආකාරය ඔබ අසා තිබිණි. බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ මාලාවේ ඛුද්දක නිකාය- ථෙරගාථා පාලිය හොඳම මූලාශ්රයයි