Monday, May 13, 2013

මගේ පුතා හිත දිනනා මඟ හඳුනන්නේ

Lisa Lala, Title Unknown

දිවි මඟ වැරදුණු තැන
කොතැනද පුතුනේ
මවුවත් වුණු ලොවක නොවේ
අප ජීවත්වන්නේ
අප ජීවත් වන්නේ

තුසර මවා ඇසි පිය මත ලොව හිනැහෙන්නේ
හද මත පිපි පියුම සිඳන් හැඩ බලමින්නේ
එවන් ලොවක හද සැළමුතු සුවඳ උපන්නේ
මගේ පුතා හිත දිනනා මඟ හඳුනන්නේ

කරදහි මත ලියැවුණු පණ නොමැත රැඳෙන්නේ
කරදිය රස දිය අරගෙන නෙතින හැලෙන්නේ
සම සිත ගෙන ඉර සඳ දෙස නෙත හෙළපන්නේ
දෙරණත සිප එසඳ පුතේ මල් පීදෙන්නේ


pic. - Lisa Lala, American

1 comment:

  1. මේ කෙතරම් මනහර බ්ලොග් පෙලක්ද. දැක ගන්නට ලැබුනේ අදමය. කියවන්නට පටන් ගත්තෙමි. ගමන් සගයකු මුණගැසුන සේ ප්‍රීතියක් දැනේ. හැඳින්වීමේ සටහනට ම ඉතා කැමතිය. මල්හාර් රාගය ඉතා ලස්සන රාගයක්. මෙන්න මල්හාර් රාගයෙන් තැ නු මනහර ගීතයක්
    http://www.youtube.com/watch?v=bPR_x75dejI
    මදර් ඉන්දියා චිත්‍රපටයේ
    ථේර ගාථා පාලියෙන් කියවිය හැකි ආකාරය ඔබ අසා තිබිණි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකාය- ථෙරගාථා පාලිය හොඳම මූලාශ්‍රයයි

    ReplyDelete