Saturday, May 11, 2013

හස රළ රන්දා - හසුන උපන් දා




වෙණ තත් බින්දා
හඬන නිරින්දා
කවුරුද මන්දා
මල් මකරන්දා
.
මල මුව සින්දා
රඟන ගිගුම්දා
හදට ම කැන්දා
සරය රළින්දා

නුබ ගබ ඉන්දා
සුතරු බිළින්දා
සුර සැප වින්දා
සුපුන් තරින්දා

ගඟ ගලමින් දා
විල පියුමින්දා
කර මන නන්දා
සිතුවම ඇන්දා

හස රළ රන්දා
හසුන් උපන් දා
කඳු අස ඉන්දා
දුකෙහි කවන්ධා


pic. - Lucien Lévy Dhurmer, French,  1865 - 1953

No comments:

Post a Comment