පියාණෙනි,
ඔබ කිව් කඳු මුදුන පැමිණියෙමි
කොයි ලකල් කව් එහි
කිසිත් නොපෙනේ
ගන මිහිදුම ය
පාත සිට බැලූ සඳ
ගිරි මස්තක සිඹි වලා සොඳ
මැවූ සිත්තම කොහිද
මවිත වෙමි
තැන තැන පලා පාට ගෑ
තණ බිම්, මානම් ගැවසි
ළපටි කඳු කොහිද ඒ
විමසමි
තුරු අතර පැන නැඟී
කාල පර්වත දිගේ
මැවුණු දිය කැටයම් ද
නොදකිමි
පාත ගම් බිම් වෙත
කටාක්ෂ නිරීක්ෂණ විභ්‍රමය
පෑ කඳු නන් සිරිත් නොපෑදී
කඳු මුදුන උදකලා වායු පීඩන අතර
තනා ගත් දවසක නතර වී
පියාණෙනි
කොයි ලකල් කව් මැව්
විමසමි
pic. - Michael Workman, American
No comments:
Post a Comment