Wednesday, May 1, 2013

හරිත ම පැහැය



යාමට තිබෙන නිසා තව සැතපුම්
අරගන්න මේ හරිත ම පැහැය
මීදුමයි, ගණයි අළු පැහැය උදය
ඒත් අර අඩි පාර නුඹට පෙනෙනවද

ඉක්මනින් පටන් ගත්තොත් ලෙහෙසියි නේද
වනපෙතෙහි අතුරන්න මල් සොයා ගත හැකි ය
රළෙහි ගීතය ගයන නොපමාව පුර හඳට
තිලකයක් තියා දිය ගිලී ගියෙහිද මුහුද

ඉතින් නුඹ අරගන්න නිලෙහි හරිත ම පැහැය


pic. - George M. Bruestle, American, 1872 - 1939 

No comments:

Post a Comment