Wednesday, May 1, 2013

තබනු මැන නිල නියම සන්නම

Julianna Swaney. Unknown Title

මැයි පිපෙන්නට ළඟ යි මැ යි
අරුත් ගිලිහුණු 'කුරු හකුරු අඬ ගස යි
දැන් ඉතින් නෙක විකල් කවි කිව්
දඩත් කන්නට නියමිත යි

ආයුබෝවං මහත් කරුමෙකි
ස්වරත් වෑංජන ගණන් කෙරුම ද
මං ලියන්නේ හිතේ හැටියට
නෙක දෙසින් නෙලු පලා මිටි වුව

බොලත් රිසි රිසි නම් ලියන්නට
පිහිය නැතිනම් අසිපතක් වුව
අරන් සුරතට වැරෙන් බදලා
තබනු මැන නිල නියම සන්නම


pic. -
Julianna Swaney, American

No comments:

Post a Comment