Friday, May 10, 2013

ඉඳින් කෙටියෙන්

Armonia 
ජීවිතය නටබුන් වෙයි
බස්
ජොබ්
දුක්
අතර
දවස නින්දට යයි
අඩපණ මුල සහ ගසින
දැන් ඉතින් කාලයයි
මල් පල ගන්ට කී මුත්
එකින් එක පත් වියළි ව
දුඹුරු පැහැ වනු අරුම ය

ස්වාමීනී දිවිය වෙහෙස ය
කිසි කලෙක දැන නොසිටි තරමට
භූමි කම්පා සමඟ පැන නැඟෙන්නෙය කුණාටු
කිසිත් නොපෙනෙනා කල තවත් පිය තබනු නොහැකිය
ඉඳින් කෙටියෙන්
මට ඕනෑ මිය යන්ට
වෙන් වන්ට
pic. - Royo, Spanish, Born 1945
 

No comments:

Post a Comment