මහා සෙනඟක් ඇවිත්
හතර වටින් අත වනනව බං
පොලු මුගුරු කැති අරන්
පොල් කැඩුව බංඩෙ උල තිබ්බ උල අරන්
ලොකු හාන්දුරුවන්ට වෙඩි තිබ්බ
ටී පනස් හය අරන්
ඡන්ද පොස්ටරයක් ඉරුව යැයි ගතුවකට
පියරත්නගෙ අත තැව්ව
ගිනි යවට තුඩු අරන්
ඉතින් ජයසිංහයො මං
කොහෙ අඳුරගන්ඩද උඹ ව
ඉහින් කණින් බිය පෙරා
මට මා අඳුරගන්ඩත් බැරි කොට
කොයි මා අවට මුර කළ
සපිරිවර සේනාව
එළවන්ට මා පෙළන මහ සෙනඟ
සාමය රකිනු පිණිස යැයි
කපා කොටන්ට බැරිද උන්ව
ගල් ගිල්ලා වගේ
බලා ඉන්නේ නැතුව
ඉහ අහල පහන ළඟ
වරෙල්ලා පරලොවට
ප්‍රජාතන්තරේ අරගෙන
pic. - Eduardo Arroyo, Spanish, Born 1937
මාරම මාරයි අදහස් ගැලපීම නම්
ReplyDelete