Thursday, May 9, 2013

ගුරුතුම,

Shulamith Wulfing, Gesture

ගුරුතුම,
ජාලයකි මේ හැම
මං කැමති නිවී හැනහෙන්න
කුරුලු පෙඳයක් උඩ

බුදු හිමිටත් හිටියෙ නැත
එක සම සමණ තැන
ඇතැම්හු අරණ පිය වූහ
ඇතැම්හු අරම් පිය වූහ

ඉතින් ගුරුතුම,
රස්සාවකි ය රස්සා වන්ට
මොටද ඉනි මං නැඟ යන්ට
කිමද රිසි විය යුතු
කුරුලු කූඩුවක
නූල් පන්දුවක් වී බැබළෙන්ට

අධ්‍යක්ෂ
සභාපති
උපදේශක ගරු
ඉඳින් ඇරයුම් නොකරන්න
මා අයිති නැති එහෙව් ලොවකට

තණ පියැසි මත ඇවිදින
පිනි බින්දු අහුලන්න
අරුණ හා නැඟ එන
ගිනි සිළුව පලවන්න
කඳු බෑවුම් දිගේ
සක්මනක ගැවසෙන්න
ඔබට රිසි නම් හැකි ය
මා සමඟ එක් වෙන්න


pic. - Shulamith Wulfing, German, 1901 - 1989

No comments:

Post a Comment