උපතින් ලද බූදලයකි
වතුපිටි ගොඩමඩ කඳු ඇති
ඇස අස ඇති සිතුවමකි
ගෙවල් දෙකකි රිය සකකි
සපිරිවරකි හද අසැති
සුපුන් සඳකි පිය රුවැති
නැදි මයිලණුවන් සොඳැති
දැරියකි ඇති මහ පිනැති
නට නට වන්නම් කවිති
පිනුම් ගසන දිය රළැති
ඇගෙ හද ඉතිරෙන දියැති
දැක අහසට දුක ම සිති
එහෙත් හඬන නෙත ම නිති
සිතමින් අරුමැති ම නැති
මුදලින් සවි දනහු නැති
මේ වග නොදකින සිතැති
.
දුක දරනා දනෝ සකි
හසගින කඳුළැල් පිසති
විසුරා සුළඟට පැහැති
පාට සියක් දිවි අඳිති
දහමින් ගැඹරැති සුදනෝ
කඳුළට සරදම් කරති
පාගා මැඩ තලන ලොවක
වුව යළි යහමින් නැඟෙති
මේ හැටි විමසනු නොහැකි
දම ගිලිහිණිදෝ යුවති?
pic. - Nasser Ovissi, Iranian, Born 1934
විශිෂ්ඨයි කඳු..මෙහෙම එකක් ජීවිතේටම දැකලා නැහැ....
ReplyDelete