රාළේ නුඹ බාලේ සිට වෙල් යායක ඇන තියාන
කල් බල බල ඉන්නවාද එලවන්නට යාළු බාල
අඳුනාගෙන වගේ නොවෙද - වහු පැටි හිත මොන වගේද
සැර වැර 'හෙම නොකර ඉතින් බලාන ඉන්නේ ඔය හැටි
කාලේ යන ඉක්මන ගැන හාන්කවිසියක් නැතිවද
කුඹුර පුරන් වුණත් ඉතින් ගණන් ගන්නෙ නෑ නොවේද
බුදු හාමුදුරුවො කියනා අසම සම වු ගුණේ මේද
ඔහොම වුණොත් කළු කපුටොත් හිස වර්චස් හෙළයි නේද
බඩ තඩියේ මහත පෙනේ හරි සාරයි වගේ නේද
අත් දෙක දෑලට විසිකර පියාඹන්න හදනවාද
එක තැන හිටගෙන ඉඳලා අහසක හැටි මනිනවාද
කැමතියි නම් මාත් එක්ක මගෙ තනියට ඉන්නවාද
Picture - Holly Clifton-Brown, British
කොහෙන්ද අනේ මේ තරම් කවි ලියන්න අදහස් එන්නේ....මේක නම් පුදුමයක් ....!
ReplyDelete