Wednesday, May 1, 2013

පුත,


Alexandre de Riquer, The Spring

ඉර සමඟ නටන නිති
මල් සමඟ ගසෙහි ඉති
සමනල්ලු එ මල පෙති
නොම තලා සුවඳ ගති

උදෑසන නොහිම් බැති
සිත් අරන් කොක්කු යති
ඉස්කෝලෙ අලස නැති
හොඳ ළමුන් ඔවුහු වෙති


දරා ගන්නට නොයෙක්
පුරාවත් සේ ම යත්
බිඳෙන් බිඳ එමුල රුක්
සේ ම පුත පුරුදු වෙත්

උදා වෙයි ඉමිහිරී
ලොවක් ඈ හිමිදිරී
පුතේ මම නොකියමී
එහෙත් නුඹ ගනු දිරී

හමුව නෙක් සැත්කම්
නොහළ, දස් විස්කම්
හිතේ රඳවා කම්
දහම ලෙස පැවතුම්

නොපූදන්නේ නම්
මහත් මල් මනරම්
කමක් නෑ, ගසක් වී
වපුළ වන කැටයම්



pic. - Alexandre de Riquer, Catalonian, 1856 - 1920


No comments:

Post a Comment