Monday, November 24, 2014

මිහිරිම දවස්



ටොක් ගස් වූයේ මොර ගස් සෙවණින් මෙපිට ඇළ අයිනේය. එය අපූරු එළිමහනකි. කුඩා අත්තකට නැඟ ගත්තද හාත්පසම එක හා පෙනේ.  එවන් හවස් කල අපි ටොක් අත්තක් මත එල්ලී ටොක් මොට්ටු නළළේ තලමින් සිටියෙමු. එකකට එකක් නොගැලපෙන අප දකින කල, අස්තන් ගත වන හිරු රශ්මි කදම්භයන්ගෙන් වෙළී ගත් කඳු ගැටය සුසුම් හෙළන්නාක් මෙන්; "අනේ කෙල්ලනේ! නුඹලාගේ මිහිරිම දවස්"යි මහත් ලාලාසාවෙන් යුතුවැ මුමුණනු මට දැනිණි.  එක යායට ගොයම් කපා තිබුණු වෙල් යායෙන් එපිට වූ අපූරු දොරගල සදාතන යොබ්බනයේ සුපුල මහා පුරුෂයකු මෙන් අප හා සිනාසෙන විට හැමතැනම කහට පැල්ලම් වැටුණු ගවුම් ඇඳ මොර අතු පිටින් ඔඩොක්කුවේ දමාගෙන සිටි අපි කඳුගැටය දෙස විරිත්තාගෙන බලා සිටියෙමු.

Picture - "Minarets" (2013), Jeremy Lipking, from California (b. 1975)

10 comments:

  1. ටොක් ගස් වූයේ මොර ගස් සෙවණින් මෙපිට ඇළ අයිනේය.
    එය අපූරු එළිමහනකි.
    කුඩා අත්තකට නැඟ ගත්තද
    හාත්පසම එක හා පෙනේ.
    එවන් හවස් කල, අපි ටොක් අත්තක් මත එල්ලී
    ටොක් මොට්ටු නළළේ තලමින් සිටියෙමු.

    එකකට එකක් නොගැලපෙන අප දකින කල,
    අස්තන් ගත වන හිරු රශ්මි කදම්භයන්ගෙන් වෙළී ගත්
    කඳු ගැටය සුසුම් හෙළන්නාක් මෙන්;
    "අනේ කෙල්ලනේ! නුඹලාගේ මිහිරිම දවස්"යි
    මහත් ලාලාසාවෙන් යුතුවැ මුමුණනු මට දැනිණි.

    එක යායට ගොයම් කපා තිබුණු වෙල් යායෙන් එපිට වූ
    අපූරු දොරගල - සදාතන යොබ්බනයේ
    සුපුල මහා පුරුෂයකු මෙන්
    අප හා සිනාසෙන විට -

    හැමතැනම කහට පැල්ලම් වැටුණු, ගවුම් ඇඳ
    මොර අතු පිටින් ඔඩොක්කුවේ දමාගෙන සිටි අපි
    කඳුගැටය දෙස විරිත්තාගෙන බලා සිටියෙමු.

    ReplyDelete
    Replies
    1. "එළියේ,
      මිදී ගෙන ආ වැහි බිඳු
      සුදු හිම පෙඳිවලට පෙරළිණි
      හිබචියේ
      උණුසුමින් තැපුණු මගේ සිරුර
      කෙමෙන් මොළොක් වන්නා සේ
      මට දැනුණේ ය
      රුදු සීතලේ පහර විඳීමට මට
      තවත් ශක්තියක් නැත්තා සේ විය
      යළිත් හිරු උදා වී
      පොළොව උණුසුම් කරන තෙක්
      මේ හිබචිය ගාව
      අත්පා ගුලි කරගෙන සිටිය හැකි නම්
      කෙතරම් මැනවිද!"

      Sarachchandra, Ediriweera. Maḷavungē avurudu dā. Lēk Havus Invesṭmanṭs, 1975: 18.

      Delete
  2. ඔබ ජේදයක් ලිව්වද, එහි ඇත්තේ ගීතවත් බවක්....

    ඉහලින් කොමෙන්ටුව කොටපු සුභද්‍රා එය ඔප්පුකොට තිබෙනවා...

    ReplyDelete
  3. උඩ කමෙන්ටුව දැක්කම මංඥං වෙලා ගියා....
    ඇයි කෝ සටහනත් කවියක් කියල කියන්න හැදුව විතරයි මේන කෙනෙක් කවියක්ම කරල දාල

    ReplyDelete
  4. ඇයි මේ තරං කෙටි.. සීමාවක් හදාගෙන ඒකයි..

    ReplyDelete
    Replies
    1. A thesis, A series of conferences, Random invitations..
      These are my limitations!
      Nice sarees, High-heel sandals and Needed make-ups
      These are my limitations!

      Delete
  5. ටොක් ගස් කියන්නේ මොනවද කඳූ?

    ReplyDelete
    Replies
    1. ටොක් ගස්වලට වෙන නමක් තියෙනවා.. මේ වෙලාවේ මට මතකෙට එන් නැහැනේ.. ලස්සන කහ පාට ලොකු මල් පිපෙන ගස!

      Delete