Saturday, November 8, 2014

සඳ දිය පෙරෙන වන පෙතක අසබඩ..



සඳ දිය පෙරෙන වන පෙතක අසබඩ
වැතිරෙන්න ඔබ ගිරිකුළක් මත මිත
රාත්‍රිය දෙවියන්ය ඔබ හදට අමතන

ගිරි ඉස වැතිර හිනැහෙන තාරුකා අහුරක් ගිලිහ
සිලි සිලි නදින් ගඟ මත මවයි මිණි මෙවුල
එවන් රැය නුඹ හද 'ගිස වැතිර
වැළපෙන්නේ හිනැහෙන්නේ කුමක්දැයි මිතුර
ගයනු මැන!

Picture - Nathaniel Skousen, American

4 comments:

  1. කවිය කියවද්දී, බන්ද්‍යාපාධ්‍යායායගේ අරණකට පෙම් බැඳ පොත මතක් වුණා.
    'හදගිස්ස' කියන්නේ, නිතර නොඇහෙන වචනයක්. මේ ගීතයේ ඒක තැනකටත් ඒ වචනය යෙදුවා! http://www.arunalla.tk/2014/11/blog-post.html

    හොඳ පද ගැළපීමක්. ජය වේවා!!

    ReplyDelete