Wednesday, November 5, 2014
රැජිණ පාරෙහි පුරුදු ලෙස
රන්වන් පාට ගෑ ආකාසය තුළින් මතුව
ස්වර්ගය ඈතින් පෙනෙන කල
ඇවිද යමි ඉරිදා සවස් කල
රැජිණ පාරෙහි පුරුදු ලෙස
ඉඳහිට අත්භූත විලාසෙන් යනෙන
මෝටර් රථයක් මිස වෙනත් කිසිවක් නොවන කල
දැඩි තනිකමක් පැමිණ, ඇවිද යයි මා හා පෙළට
ජීවමානද කියා මා, සැකයකි නැඟ ම'සිත
සට සට ගා වැහි බිඳු වැටෙන කල
විසිවෙමි ස්වර්ගය මතුපිටට
සුළඟට බිම වට තුරුපත් අහුලන
තරුණයෙකි පටු මං පෙතක කෙළවරක....විස්මිතව
Picture - Amalia Iuliana Chitulescu
Subscribe to:
Post Comments (Atom)
ඒ මම. ඒක මගේ ජොබ් එක..
ReplyDeleteමවිත වීමද ජොබ් එක?
Delete