
අකාරාදිය ගෙන අතට
නුඹ නමින් නොලියූ
එකම එක අකුරක්
තියෙනවද මැන බලමි
අලුයම ඉරා ගෙන
වෙරළ ඉම් පසු කර
දුම්රිය නලා වැයෙන කල
නුඹ අසිහි කොට අවදි වුණ
එකම එක දවසක් තියෙනවද
ගැණ බලමි
ඇවිදින් අඳුරු අහස් ගැබ
සහස් එළි බුබුළු නැඟෙන කල
කිමිදෙමින් අඳුරු එළි අතර
වෙව්ලමින් හදවතම කියැවූ
රාත්‍රිය නම් සිතියමෙහි
නුඹ සොයා නොළත
එක රැයක් එක කඳුළක්
එකදු සුසුමක්
තියෙනවද නොම හඟිමි
විරහව කියන්නේ එහෙම නම්
ඔබ රාත්‍රිය වෙලා
නාඬා ඉන්නේ... මන්ද තවමත්?
Picture - Edwin Georgi
No comments:
Post a Comment