Saturday, October 13, 2012

ගන්න ඔබෙ රුපියල් සියය

නිමිත්ත - කවි සියයක් වූ පොතක් රුපියල් සියයක් දී මිලට ගැනීමට හැඳුනුම්කම නිසා සිදු වූ තැනැත්තෙකු "එක කවියක් රුපියල යි" යැයි හුස්ම ඉහළට අදින්නට විය.

හුස්ම හිර වෙයි මිතුර
ගන්න ඔබ මිල සියය
එක කවිය සතයකට
දෙන්ට අදහසක් නැත

මේ සියලු කවි අයිති
මංමාවත්වල ද
හමන මඳ නලවල ද
අහස තරු ගුල් වල ද
හඬන නෙතු පියවල ද
සීරුණු හද තුළ වුව ද
ගිලිහි සුසුමන් තුළ ද
රඳවා තබා යමි මින් පසු
කවියන්ට කියවනු පිණිස

ගන්න ඔබ රුපියල් සියය
මේ කවි පිරුණු පත් ගොනු
මූසිකයෙකු කෑවත් සැපත
කාලයට තෙතබත් වී
දිරපත් වුවත් කම් නැත
ගන්න ඔබ රුපියල් සියය
ඉන් කවි පණ ලබනු නැත
මතු ද නොව කවි මියෙනු නැත
යළි යළි ව පැන නැගෙනු ඇත
ළපල් සිත් ළකලින් යුතු ව
එකවි සිප ගෙන රකිනු ඇත

4 comments:

  1. අමුතු අදහසක් ... ලස්සණ කවි පෙළක්... ඔබට සුභ දවසක්....

    ReplyDelete
  2. ඇත්තටම අමුතු අදහසක්.

    ReplyDelete
  3. ඇත්තටම කවියක් මිලකරන්න පුලුවන්ද.? වෙන ඕනේ කෙනෙක් මිලක් නියම කලත්, කවියේ අයිතිකාරයට ඒ කවිය අමිලයි, මිලක් නියම කරන්න බෑ, හදවතට එකඟව.

    ReplyDelete
  4. කවිය මිල කරන්න බැරි බව කවි ලියන අය දත් නමුදු රුපියලටවත් කවි ගන්න අය නැති සමාජයක තමයි අපි හැම. ලස්සනයි. ස්තූතියි කවිය පිළිබද කවි ලිවීම ගැන

    ReplyDelete