Tuesday, October 30, 2012

අලුත් පාසල


බසයක් පැමිණ
නැවතිණ
"ඇයි යන් නැද්ද?"
නැඟිණි පැනයක්
"මං සීසන්"
"ඉතිං රුපියල් හයනෙ"
බලා ම'දෙස වරක්
කරකවා ඇස්
ඉගිලිණි
ඈ...

සිහිවිය ගං දොර 
සෙනෙහසේ සීතල පුසුඹ
පොල් අතු එකිනෙක වැළඳ
තැනුණු කටු මැටි මැඳුර

"ඔයාගෙ අම්ම නේද
ඉරිද පොළේ
මඤ්ඤොක්කා විකුණන්නේ.."
"මඤ්ඤොක්කා නෙවෙයි සීනි බෝල"
හිනැහේ ඩෙස් බංකු
මහ හඬින - උඩ පැන පැන

මා සිටුවා උන්
පුටුව උඩ සිට
පොළොව කැරකැවෙන බව දැනේ මට
එ පොළොව දෙබෑ කර
ඇසෙන'මුත් හඬ දුම්රිය
තව මොහොතකින්
ඔබට
බුදින්නට රස අහරක්
නොදෙමි මම
              [2001]

No comments:

Post a Comment