ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න
මධුවිත හැර ඔය ඉවුරක මත් වෙන තුරු ගී කියන්න
අතීතයක මළ මතකය සිහි කර කර කවි ලියන්න
ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න
මඳ සුළඟට ඈ කවියක් වුණු මතකය බොඳ කරන්න
යුද සමයක ගන අඳුරක මියැදුණ පෙම සිහි කරන්න
හද අත්ලෙන් ගෙන මිරිකා මිය ගිය කවි යළි ලියන්න
ගං ඉවුරට ඔබ ආවොත් හැකි ය වැළඳ ගෙන හඬන්න

ලස්සනයි.ජය !
ReplyDeleteඑහෙනම් මමත් ගං ඉවුරට එනවා අඬන්න හදවතේ හිරවෙච්ච මැරුණු පරණ මතක මිරික මිරිකා කවි හදන්න. වෙනස් කවි සිතුවිල්ලක්...! ලස්සනයි..!
ReplyDelete