
පසුගිය හැන්දෑවෙන් ඇරඹ
දෙගොඩහරිය ම ගෙවා රෑ බසයක
පාන්දර කණිසම
කොටුවේ ඉස්ටේසමට ගොස්
මුහුණ සෝදා ගතිමි
තැනින් තැන පැල්ලම් වැටුණු
හොඳ ම ඇඳුමේ රැළි හැඩි
මකා හැරියෙමි
එක හුස්මට අසා ගෙන පාර
වසා තිබු දොරකින් ඇතුළු වූවෙමි
දෙපා වැහි වහන් කුට්ටමට ම
පින්තූර අල්ලද්දි පොළොව
තීන්ත තිතක් හෝ
තබනු නොහැකි ව
හුස්ම හිර වුණු පැහැනක
සිර වුණෙමි
සුස්මක් ගෙන
බොහෝ දන ගිය මඟක
ඉබේ ඇරුණු දොරකින්
ඉහළ ගොස්
දිය කුටියක නැවත
ෆ්ලෂ් කර නොහැරියෙමි
හිරි ඔතප්
ඉක්බිති පැහැනෙන්
රුධිරය නොව
ගලන්නට විය කළු තීන්ත ම
අසමත් වීමිලු
මම
සම්මුඛ පරීක්ෂණය
Pic. - Izanami and Izanagi, a public domain painting by Kobayashi Eitaku
No comments:
Post a Comment