Monday, October 8, 2012

සඳක් ලෙස යළි?

මම
ඇවිදිමින්
කුඩා කවුළු අතරින්
සිර කුටියකට වසන්තය ගෙන එන
දුව යනු රිසි ව
වෛවර්ණ පියාපත් ඇඳ
බොහෝ කලකට පෙර
ඔබ වෙත පාව ගිය පරිද්දෙන්

වටිනා ම වස්තුව අහිමි වීමෙන්
ඉවසීම ඉම පැන
ප්‍රේමය නම් කඩුපතින්
නිදහසේ ගෙල සිඳ
ඉරබටු තරුවක් ඉරා විසි කළ බැවින්
සඳක් ලෙස ඔබ යළි
පිළිගනීවිද අහසට
මම

2 comments:

  1. ‍මේ කවි එකතු කරලා පොතක් එළිදැක්වුවා නම් හොඳයි නේද?

    ReplyDelete
  2. බොහෝ කලකට පෙර
    බොහෝ දේ සිදු විය.
    එහෙත් එක එක් දෙයකි
    විටෙක කිහිපයකි.
    නමුත් තවත්
    බොහෝ දේ ඉතිරිව ඇති සැටියකි.

    ReplyDelete