Tuesday, September 30, 2014

වැසි ඉසෙන කඳු ඉස



දිනෙක මා හිඳී ඔබ හද මත
තාරුකාවක් වගේ හිනා වී ගෙන
නිල ගැඹුරු වැසි ඉසෙන
වස්සානයද වසන්තයකි සොඳුර

ගයන්නට පෙර පද ලිහී ගිය
පිටිසර ගීතයක් වගේ ඔබ
ලවන් මත ලිහෙන්නද
උණුසුමක් ගෙන සොඳුර

වැසි ඉහෙන කල කඳු ඉස
රළ තබා මොනර නිල බර
ලෙළවයි ඇගේ පිල් කලඹ
කඳුකර මොනර ළඳ

Picture - Hélène Béland

2 comments:

  1. අම්මප මේ බ්ලොග් එක අමරදේව ලොක්කවත් දකිනවා නං..

    ReplyDelete
    Replies
    1. ඉස්සර එහෙම හීනයක් තිබුණා.. :)

      හීන තමයි සංසාරේ අප බඳවා තියාගන්නෙ
      හීනවලට ඉමක් කොනක් තියෙනවාද මං අහන්නේ//

      Delete