Saturday, September 6, 2014

ගහ කොළ මල් සුවඳ දැනෙයි නීති පොත්වලින්



ගැසට්පත් කියවමි
උඩ පනිමි සතුටින්
ගහ කොළ මල් සුවඳ දැනෙයි
නීති පොත්වලින්

පනතකින් පනතකට ඇහැරෙමි
කවි හිතකි මුඩු බිමක නොනිදමි
සුසුමකින් සුසුමකට පණ දෙමි
අනවරත සිනහවක කිමිදෙමි

Picture - Michael Malm

4 comments:

  1. කාලාවරෝධ නීතිය සිපගනිමි,
    පරිවේශණීය සාක්ෂි පණත වැළඳගමි,
    පෙරකලාසි සහ අශක්නුතා වණපොත් කරමි.
    අහා!!.....මේ සා මනරම්ද නීතිය?
    සිහිනෙකිනුදු නොසිතුවෙමි!!

    ReplyDelete
    Replies
    1. පරිසර නීතිය ගැන මං කියන්නෙ..!!!

      Delete
    2. හපොයි, සමාධිය භජනය කොට වදාරන සේක්වා!!! බරපතල ලෙස වාලධිය පාගා ගැන්මකි. මා සිතූයේ ඔබතුමිය තුමුල නමුණුකුළ ගිරිහිස සෙවණැල්ලෙන් මිදුනු අතිමහත් ප්‍රීතියෙන් යුතුවැ කල උදානයක් ලෙසය.. සමාවන්නැ..සමාවන්නැ.

      Delete
    3. කඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ..

      Delete