Thursday, September 18, 2014

දිගු නැතිද රාත්‍රිය?



කවර පමාවක්ද ගිහිගෙය
අල්ලාගත් තැනින් හළ නොහැකි පහසුවෙන්
උදේ හවා වැඩට යන
අතරමැද පැය වැඩ අතර ගෙවෙන
නිශ්ඵල බැඳුම්ය නෑදෑයන්
හිත මිත්‍රයන් දුවා දරුවන්
නොරැවටෙනු මිතුර
කවියන් ලියන පෙම් කවි පවා එහෙමය
කෝෂයක සිරව කෝෂයම බදා සිටින්නේ
දිගු නැතිද රාත්‍රිය
වඩා සුන්දර ඉගිල ගිය පසුය සිහිනය

Picture - Vitaly Petrovsky

No comments:

Post a Comment