Monday, September 29, 2014
"සුදු හිම පලස"
රෝස මල් ගෙත්තම් කළ
ඇෆ්ඝනිස්තාන් බෑගය ගමි අතට
ඉසියුම් නූල් අගිස්සෙන් පැමිණ
ඉඳි කටු ඇනෙයි හිත මත
සුසුම් ගොන්නක් විසිරෙයි
හිත හරි බරයි
මේ සුන්දර රෝස මල් වියූ බෑගය
සුදු නැන්දාය තෑගි දුන්නේ පෙර දවසක
'සුදු හිම පලස' මත එරුණු සඳ
බෑගයක් නොවේ එය සුසුම් ගොන්නකි
කෙසේ නම් ඔවුන්ගේ රිදුම් දෙන ඇඟිලි අගින්
කඳුළු සඟවා මැවුවෝද රෝස මල්?
______________________________________
සුදු හිම පලස රැගෙන අතින්
කළුවරේ එන කල ගෙදර
කරුණා පෙරේරාවන්ගේ වචන මිස
සුනේත්‍රාවගේ වචන හුරු නැත
එතරමටම ගණය රැය අඳුර
අවන්හල් නැත විවර සැමට
අගීය සුදු හිම පලස
සීතලෙන් වෙවුලුවද හදවත
කතා කවි බැරි අතක වුව
ගොනු විය යුතුය විඳි දුක
"ස්තූතියි" කියමි එබැවින්
මටසිලිටි බසක සඟවා තැබූ කඳුළට
සොඳුරිය ඉතින් අවසන
රහසක් කියමි ඔබ හට
සබා ගැබ ළඳුන්ගෙන් පිරී ගිය
සොබාවයි ඔබ කී තැන
සිනා විය හරියටම
මා පිටුපසින් උන් මිතුරු තැන
"ඔබ ඔබ ගැන සිතා එය කිවු බවට"
Picture - Dmitry Patrushev
Subscribe to:
Post Comments (Atom)
රෝස මල් සුසුවඳ විඳි
ReplyDeleteසුවයට කඳුළු මුසු කළ
තියුණු රෝස කටු වල මුවත
මට මෙන් ඔබටද රිදවූ බව
දැනිණි, ඔබගේ කවි වියමනින්
ලඳුන් ඇෆ්ගන් තවමත්
ගම්නියම් ගම්වල කෝමත්
මිදී නැත වහල් භාවෙන්
ඇවිදින හිර කූඩු සේමැයි
පිළිසරණ වන්නට ඔවුනට
දෙවියන්ද නොමැත අසලක
දවසට පස්වරක් බිම
වැතිරී කළත් යාතිකා