වටපිට සියලු මිනිසුනගෙන්
ගරු නම්බු ලද 'යකින්නිය' නම්
මම ගැහැනියක්මි පුත
පෑනෙන් පින්සලෙන් නොව
දබරැඟිල්ලෙන් ජීවිතය ලිවූ
පුත නුඹ පිය සඳ දිවි සෙවූ ගස් අතර
මොර සූරන වැසකට අසු ව
ළපල්ලක් සේ ගිලිහි උන් දිනෙක
සියලු කඳුළු අහවර කළෙමි
කුසෙහි උන් නුඹ ද සොඳ
නුඹ කුඩා සොයුරියන් තිදෙන ද
රැගෙන ගිරි දඹ නඟිනු පිණිස ම
පුත එ මඟ පිය නැඟ
ලිස්සා යන විට නිම්නවල
බෑවුම් ද කඳු හෙල්වල
තුරු ගැහැණු බදා වුන්
නොයෙකාකාර වැල්පටවල්
අත දෙන්ට පොර කෑ 'නමුදු
නුඹ සිවු දෙන ද අතින් ගෙන
නැඟුණෙමි සීරී ගිය දණින් ම මම
නුඹ පිය සෙවණ යට උන් සඳ
හෙල්මැලක සියුමැලි හඬ
ගොර බිරමට නඟන්නට වුණෙමි
හෙල ගල් මුල් පෙරළන්ට වූ සඳ
වන සතුන් නෙක වෙස් ගෙන
අප සපා කන්ට ආව ද
මහා සැඩ රළට අසු ව
ගසා ගියෙමි කාලයේ දිය පහරට
සොඳුරු ඉවුරක රැඳී
පුත දියණියන ඔබ
පිපෙන තුරු සව්සිරි දි දී
අනර්ඝයි නිර්මානය...
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ගොඩාක් අම්මලා එහෙම තමයි... සුපිරි...
ReplyDelete