හඬා වැටෙ යි උදෑසන..
ගල් ගිල්ලා වගේ සිටි යි උසට උස ගොඩනැඟිලි
මා වටා පිරී ඇති මේ පයින් ගස් කුමට ද
කුඩා කල සැරසූ අඹ දඹ නාරං ම මිස
කුමට ද මේ ඇල්සේෂන් බලු තඩියන්
ගෙදර ගොම ගෑ පොළොව වැතිර නාටු වල්ගය වනන
බින්දුවා තරං අගේද උන්
මිය ගිය තැන්වලින් නැඟ නැඟ නැඟ එන්න
ජීවිතේ බග තරුව වී අහස සරහන්න
මල් මකරන්ද මැද ජීවිතේ තෙත් වන්න
මගේ ගම නෑයනේ මා සොයා ගෙන එන්න
මේ කඳු ෆයිල් මිටි වීසි කර දමමි මඟ
මල් මුහුලසක් වී මතකය ම ආ සඳ
කන්කලු ය බක් මහේ කුරවි ගී රාවය
රතු පාට හිනාවෙන තුරු වසත් සමය ම
බින්දුවා තරං අගේද උන්
මිය ගිය තැන්වලින් නැඟ නැඟ නැඟ එන්න
ජීවිතේ බග තරුව වී අහස සරහන්න
මල් මකරන්ද මැද ජීවිතේ තෙත් වන්න
මගේ ගම නෑයනේ මා සොයා ගෙන එන්න
මේ කඳු ෆයිල් මිටි වීසි කර දමමි මඟ
මල් මුහුලසක් වී මතකය ම ආ සඳ
කන්කලු ය බක් මහේ කුරවි ගී රාවය
රතු පාට හිනාවෙන තුරු වසත් සමය ම
වෙඩ්ඩා හෙවත් මංජුල වෙඩිවර්ධනලා සමග කාලයක් එකට වැඩකරමින් ගෙවු අතිතය සහ රත්න ශ්රී විජේසිංහයන් එක්ක නවයුගය සම්මන්ත්රණ මාලාව මෙහෙය වු අතිතය යළිත් මතකයට කැන්දුවා මේ නිර්මාණය.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න