සල සලා පිනි නෙළ නෙළා දළු වෙල් අසල දණ ගසන්නේ
පලා නොම ගිය ජීවිතේ ගෙන පලා රස ගුණ සොයන්නේ
බලා අවසර හෙළා බැල්මක් ජීවිතය කැටි කරන්නේ
පලා අම්මා අකුරු නොම දැන යුග තුනක කවි ලියන්නේ
'වසර ලද හැම විට ම යුග ඇස අහසට ම යොමු කරන්නේ
සියලු දුක දුරු වෙලා දරු සය දිවිය ලෝකය පතන්නේ
ගොර බිරම් අස හිස නමා හිත සිනා මුහුණින් මකන්නේ
හැඹිලියේ ලා නොගෙන දුක් කඳ ඇළ දොළට විසි කරන්නේ
කෝ පින්තුරේ... අනික ස්පීඩ් වැඩියි..... වේගය මරු කැඳවයි...
ReplyDelete