Saturday, November 10, 2012

වැහි ළිහිණියන

මල් පිරුණු තැනිතලාව තල්ලු කර ගෙන එමි නගරෙට
හීන් සුළඟට කතා කරන රුක් අත්තන සුවඳ සමඟින
ළං ළං ව ගතු කියන තරු යුවළක් අසල
හිනා වෙන හැටි දුටුවද නිකසල සඳ මඬල

ගිම්හානයෙ ගිලිහුණ වලා පෙළවල් අතර
නිලන නිරුවත් අහස කඳුළු බිඳුවක් රැගෙන
වස්සානෙට ම නිතොර මඟ අසන
විලාසය දුටුවෙහිද වැහි ළිහිණියන

1 comment:

  1. කවි නම් ලස්සනයි. එක දිනක පිටු දෙකක තුනක නිර්මාණ දාන්න එපා ඒවා මිස්වෙනවා කියවන අයට.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete