ඉක්මනට යන්න ඉක්මනට යන්න
අටාමාරට ළඟයි
අත් ගස්ස ගස්සා කියයි
වේලාසනින් අද බොහොම
දැක්කද අහස් කුස උදා'ලෝකය
නිවී හැනහනේ යත'හැකි ඉතින්
කවියක් දෙකක් කියාගෙන
ඈඳිගත්තැකි ටික දුරක්
ළං වුණත් බැස යන තැන ළඟින්
නගර ශාලා වේලා යන්ත්රය
කියන්නේ එහෙමය තුටින්
කවුළුවක් ඇර සුළඟකට ඉඩ දෙමි
සාරියෙන් ඉරි තැලෙන ගත නොතකමි
සංසාරෙ 155 රිය මෙනි
එහෙත් අමතක නොකර හිනැහෙමි
❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀
අත වනයි පාලම නොතකා
පාර පනිනා මිනිස් ගඟ වෙත
දැක ගැනුමට සන්තාපෙන් පිරුණු ඇස්
නඟිමි මරදාන පාලමට
සැඳෑ 'ලෝකේ නැහැවෙමින්
ඉස්ටේසමේ ඔර්ලෝසුව
විටක් සපන්නා මෙන්ය
සුදු අශ්ව කන් දෙස බලා ගෙන
Picture - Kiso Valley | Japan (by Oscar Tarneberg)
නියමෙට ලියලා තියනෝ ....
ReplyDeleteඑල ම තමා...
ReplyDeleteඅදවත් නැද්ද ඉස්පාසුවක්
ReplyDeleteනවත්තා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුළුව අසල ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?
ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහිනි අත්
හිතනවද මහත් ප්රීතියෙන් යැයි මම මෙතැන
ඔබ ඇදෙනකොට මහත් කලබලෙන්
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්
ඔර්ලෝසු නොපළදින බොහෝ දන අතර
Deleteමම ද එක් අයෙක්මි මිතුර
එක එක විලාස ගෙන වත කමල
නොවරදා බලමි අත වනමි හිනැහෙමි
තාපයෙන් පිරී ගිය කලෙක
හෙමි හෙමින් ගාටමින් පිරුණු කඳුළින්
මොනතරං හොඳ මිතුරන්ද හද සිඹින
දනිමි හිනැහෙමි