Tuesday, April 7, 2015

වහින්නට යැයි කියූ කල



වහින්නට යැයි කියූ කල
අහස ගුගුරා වහින්නට විය
සිනාසෙන්නට පැතූ සඳ
එක සිනාවක නැතිව නික්මිණ

වසන්තය එන බව කියූ කල
නුබ අරා ගිනි වැදෙන්නට විය
මලින් මල තුර'ගිස මලින කර
වසන්තය දුර ඇදෙන්නට විය

බඹර තුඩකට පිදුණු ආලය
මුවින් මුව ගුමු නඟන්නට විය
රිදුණු හිතකින් වැටුණු කඳුළට
දනන් දන මිල තබන්නට විය

Picture - Prokazov Boris

4 comments:

  1. සිනාසෙන්නට පැතූ සඳ
    එක සිනාවක නැතිව නික්මිණ

    මේකට නම් අැඩෙනවා....

    ReplyDelete
  2. බඹර විසින් පෙළුණු ආල හිත් වලට අඩු ලංසු තියන්න තමයි ගොඩාක්ම දෙනෙක් බලාගෙන ඉන්නේ සමාජේ. අපූරුයි කඳු!

    ReplyDelete
  3. ඔහොම තමා කදු..... තේරුම් ගන්න අමාරුයි

    ReplyDelete
  4. කවදත් වගේ විශිෂ්ට පබැදුමක්
    ඔබට ජය කඳු!

    ReplyDelete