Friday, April 10, 2015

ඔව්, අවුරුදු කියා ඇයි වෙනසක්



අවුරුදු නිවාඩුත් දෙන්න බෑ කියන කොට
හොටු පෙරාගෙන අඬනවා නිල් අහස

උනන තරමට වැඩ ඇති තැනක
වැඩ ඉවර කළ බව කියන්නත් බැරි නම්
කවියෙකුව නිදන්නට බැරි රටක
අඬන්නට දෙන්න මට මහ හයියෙන්

අවුරුදු කියා මොකෝ වෙනසක්
අම්මා මහ ගෙදර උන්නාවෙ තනියෙන්
අවුරුදු කියා ඇයි වෙනසක්
ඔව්, අවුරුදු කියා ඇයි වෙනසක්

Picture source - thewhisperofgod.wordpress

2 comments:

  1. මටනම් අමාරුවෙන් නිවාඩුවක් ලැබුණා... මේ දැන් පැය දෙකකට කලින් මහගෙදර අාවා..... අවුරුදු කියලා වෙනසක් තියෙනවා.... ඒක මහා බලාපොරොත්තුවක්..... අාවේ නැත්තම් ඒ හිත් පෑරෙනවා ස්ථිරයි...........

    ReplyDelete
    Replies
    1. ඒක මහා බලාපොරොත්තුවක්.....!!! ඔව්, පරිපාලකයින් මනුස්සයින් වෙන්න ඕනෑ ඒක දැනෙන්න.. අනිත් එක, අනිවාර්යයෙන්ම ඒ අය මානව සම්පත් කළමනාකරණය ඉගෙනගන්න ඕනෑ.. මේ වගේ නිවාඩුවක් නොදෙන එකෙන් වෙන්නේ, සේවකයින්ගේ රාජකාරි තුළ කාර්යක්ෂමතාව හා සඵලතාව අඩු වෙන එකයි.

      As per Ichniowski, 1986 as in Opatha, 2009, "...There are two types of effect i.e.“displacement effect” (employee work time diverted from production tasks to grievance processing) and “worker reaction effect”(reduced worker effort as a reaction to the perceived unfair administration of the contract)."

      Delete