Wednesday, October 2, 2013

කවර පල?

Daniel F. Gerhartz, Beautiful Woman

යටි පෙළ නොදැක
උඩු පෙළ
සායම් ගා කවර පල

රනින් කළ 'මුත්
දිය සිඳි
සැළිය මෙන

Picture - Daniel F. Gerhartz, American, Born 1965

5 comments:

  1. ලෝකෝපකාරයේ තියනව නේද මේ වගේ අදහසක්?

    ReplyDelete
    Replies
    1. ලෝකෝපකාරය හදාරා නැත. ඉතින්, නොදනිමි. :)

      Delete
    2. මේ අදහස බොහෝ තැන්හි තියෙන දෙයක්.. බුදු හිමියනුත් දේශනා කොට ඇති.. ඛේමා රජ බිසවට ආදර්ශයෙන් වටහා දුන්නේත් මෙය ම තම යි.. සරළ ව, අධ්‍යාත්මය ලස්සන නොකර භෞතික ශරීරය හැඩ කිරීමෙන් පලක් නෑ කියලනේ මේ කියන්නේ.. ඒක ඉතින් සුලබ අදහසක්... මේ වචන සිතට ආ නිසයි ලිව්වේ..

      Delete
  2. දිලිනි කිවුව දේ හරි වගේ.. මේ යටි පෙල උඩු පෙල ගැන යමක් තියෙනවා වගේ ලාවට මතකයි..

    ReplyDelete
  3. 15. ඉසුරෙන් පිරිහුණත් - සුදන තම ගුණය අඩු නො කරත්

    බිඳුනත් රන් බඳුන - ඇති බර අගය අඩු නොවන මෙනි.

    http://si.wikibooks.org/wiki/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

    පරෝපාකාරය

    උඩු පෙළ යටි පෙළක් නම්
    නොදැක්කෙමි මිතුරනේ
    රන් කළයක් නම්
    සොයා ගත්තෙමි පොත පෙරළා

    පෙර නොවූ රසයක්
    උපදනා රිසියෙම්
    එහෙත් හැම හැඟුමක්
    පෙර විඳූ අය වෙත්

    සියවස් ගණන් දිවෙන ලොව
    සදිසි කම් විය හැක
    විඳින්නට මිස සොරා ගැන්මට
    අඳ බාලයෙක් නොවුණෙම්

    ඔබ නිසා මිතුරනේ
    එ'රන් ගත විඳිමි මම්
    යටි පෙළ සොයා හැකි නම්
    අලවනු මැනවි මෙහි රන්

    උමතුව කියවනා දෙය වුව
    කවියක් ව නැඟෙන විට
    උපුටා දක්වන්ට අන් පෙළ
    කාරණා නොවන්නේ

    සුළඟට හැකි වුව ද
    පහනෙව් නිවනු පිළිබඳ
    ගොතන්නට රන් වැකි
    මට නම් නොහැක කිසිවිට

    අමරසිරි මැතිදා
    ගයන ගී පබඳා
    පෙන්වා අසා තිබුණා
    ලීවේද මෙය බලා කවිඳා

    සියලු කව් ලියා ඇති
    බොහෝ අය පෙර දා
    මා මගෙයි කියා නොනැඟේ ය ම'හදා
    මෙ'භව මරණෙන් පසු
    මෙ'කවි කිළි කුණු පවා
    මගේ නොව සුහදේ
    ඔබේ මැයි නිසැකා


    අමා බී එ' දැනා
    දුකින් විරත ව වෙසෙමි සොඳිනා

    ReplyDelete