Sunday, October 6, 2013

එසේ නම් මේ පිළිස්සීම කවරක්ද?

Jeff Rowland, A Brief Encounter

ආදරය මෘදු යැයි අසා ඇත
එසේ නම් මේ පිළිස්සීම කවරක්ද
සෙමින් පිරිමදින විට කෙහෙ රොද
සතුට හා විලාපය මුහු වන

ඔබේ හුස්මෙන් නැඟෙන රළ මත
සියුම් පෙති ඇහැරවයි විල දිය
ඉර සඳේ සේයාව බොඳ කොට
තිසර තටු නුඹ මතට ඉගිලුණ

සරත් සම පත් වගේ හැඩ වුණ
ඔබේ ඇස් මිණි වගුල දිස්නය
කිඳා බසමින් නිදන මිහි මත
සොයයි තව තව සොඳුරු මිණි කැට

Picture - Jeff Rowland, British

No comments:

Post a Comment