
ලියනු මැන ඔබ කවි ආකාස වියන මත
වලාකුළු මත රන් රෝස පෑ තවරමින
ගංගා වළලු මතට පැන දිය රේඛා අඳිමින
මෙන්න, මා හදවත ඇති තරම් පිටු ඇත එ'මත
කැඩී බිඳී යන විට ඉසියුම් කැබලි වලට ද
මඳහසක් ම තවරා අරාජික ජීවිතේ
යළි සකර වන තුරු බලා හිඳුම ය වැදගත්
අත නොහැර ම සුවඳ නො මඳ අධ්‍යාශෙන්
කවි තරම් මිහිරි ඉසක වන අරණ අම
මුදුන් වන්නා සේ තාරකා පති යම් දින
අසු පිටින් ඇදෙනු ඇත වලා පේළිය
නියඟයට දැවුණු තුර හදට පිය මැන
Picture owner - unknown, found on the web
Very nice!!
ReplyDeleteඅධ්‍යාශෙන් කියන වචනය මට අහු වෙලා නෑ. තේරැම මොකක්ද කියලා දැන ගන්න සතුටුයි.
ReplyDeleteඅධ්‍යාශය = අරමුණ
DeleteThanks for the explanation!!!
DeleteYou are welcome.
Delete//යළි සකර වන තුරු බලා හිඳුම ය වැදගත්
ReplyDeleteඅත නොහැර ම සුවඳ නො මඳ අධ්‍යාශෙන්//
ජීවිතේ පුරාවට ම අපි කරන්නේ එක එක දේවල් වෙනුවෙන් බලාගෙන ඉන්න එක නේද?
:)
Deleteඅපි ආවමයි....ලස්සන පදබැදුම...
ReplyDeleteස්තූතියි!!
Delete