Monday, October 28, 2013

මේ කහපාට පත් මත අතුරන්න බැරිය මගෙ මලානික හිත..


මේ කහපාට පත් මත
අතුරන්න බැරිය මගෙ මලානික හිත
හදවත නැවත බලා ඉමි මොහොතකට
දුර ගෙනයන්න නෙක ලංකාර පැහැය

වෙනස් නම් පැමිණෙනා හෙට දවස
අන්ධකාරයක කඳුළක් ව
බිඳී යමි මොහොතකට
සරත් සෘතුවක
ගිලිහ යන පතක් මෙන්

Picture - viewallpapers.com

2 comments:

  1. ලස්සන අදහසක්. මේ දවස්වල ගස්වල කොළ වැටෙන කාළෙනේ. මටත් කවි පංතියක් ලියන්න හිතිලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හිත හිත ඉන්නේ මොකටද? ලියල ම බලන්න..

      Delete