Thursday, October 10, 2013

පියාවී ඈ දුර ගියා

Gary Korlin, Girl on a Railing

පියාවී ඈ දුර ගියා
කඳු මතින් වැහි වැගිරුණා
සියුම් කඳුළක් මතු වුණා
කටු ඇනී ඇමිණී ගියා

සුදු වලා එලවා දමා
හිරු දැහැන දැඩි වී ගියා
හද දොරට අගුලක් තියා
දේදුන්න දිය වී ගියා

ඈ ගියා
ඈ දුර ගියා
සුවඳ පෙති ඈතට ගියා
බිඳුණු මුදු සමනල් පියා
කටු මතෙහි ඇමිණී ගියා

Picture - Gary Korlin, American, Born 1956

6 comments:

  1. පිනි බිඳක් වියැලී ගියා
    ළදල්ලක කවියක් තියා

    ReplyDelete
    Replies
    1. ළදල්ලෙන් මතු හිම මලක් ඇත
      මිහි මතෙහි රහසක් තියා

      Delete
  2. ලස්සනයි, ඒත් පියාවී කියන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රියාවී ම තමයි.

      Delete
  3. කවියේ හැටියටනම් සියුම් කඳුලක් නෙමේ මතු වෙලා තියෙන්නේ කෙල්ලේ.

    ReplyDelete
    Replies
    1. හිත මහා ධාරාණිපාත වැස්සකට අසුවෙලා සැඩ ගංගාවක් වෙලා රළ නඟ නඟා හඬද්දී පිටතට ආ සියුම් කඳුළක්!

      Delete