Saturday, December 15, 2012

මතකද

File:Gao Ranhui - Misty Mountains - Walters 351685.jpg

දියතලාවේ නිම්නවල පිපෙන සුන්දර මල් ගැන
ඔයා මගේ පොතේ ලිව්ව දේවල්
හිතේ විදුලි රේඛා අඳියි
නිමා වුවත් පාසල් දින
අපි තව ම එහෙම ම යි

කහපාට පිපුණු කඳු ගැට
පසු කර යමින් බෝ දුර
බෝඹුරු ඇල්ලෙන් පහළට අපි
ඇද වැටුණා මතකද
හිනාවෙවී අර රොබරෝසියා පසුකරන්
මා ලුහු බඳින විට ඔබ
පලා ගියා මතකද
කන්දක් උඩ කොටා තිබුණා
ඔයාගෙ රූපෙ
හරියට නරියෙක් වගේ
අපි හිනාවුණා මතකද

ෆයිනස් ලන්ද ළඟ හිම වැටෙද්දිත්
රේල් පීලි දෙකක් වගේ අපි
ඇස්වලින් ආලය කළා මතකද
පීලි පැන කෝච්චිය නවතිද්දි
හැමදේම දෙවියන්ට බාර කළා මතකද

Pic. - Artist - Style of Gao Ranhui (Chinese)

1 comment:

  1. ලස්සන පද පේලි කීපයක් .
    …අදයි මේ පැත්තෙ ආවේ
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete