Thursday, September 27, 2012

ඉසිඹු ලද ළඳ

දළ කුංකුම නළල ගැවසි
පා සලඹෙන් වැයෙන මියැසි
රළ රඹ කියුඹෙහි මල් වැසි
පළඳන ලද සොඳුරු දිගැසි

කවි දහසක පදරුත් ඇති
දෙ අදර මත පිපි මඳහසි
අමතක කළ ගමනකි ලැසි
ඉසිඹු ලැබූ ඈ ළඳ ඉසි

4 comments:

  1. භාෂාවෙ පද යොදා ගැනීම ඉහළයි.

    ReplyDelete
  2. ඉසිඹු ලැබූ ඈ ළඳ ඉසි yannen penwana arthaya kumakda?

    ReplyDelete
    Replies
    1. ලැසි ගමන් පවා අමතක කොට විවේක ලද මුනි කතකි.

      Delete