Saturday, September 29, 2012

අහඹු කඳුලක් සමඟ ගොවි ඇස

විවේක ගත හැකිද වෙලකට
අස්වනු කැපීමෙන් ඉක්බිති ව වුව
අටුව මහ ලොරි හා හාද ව
මහ මැඳුරු බලා ඇදෙන සඳ

දහයියා ගොඩට ම වැටී පුරුදු ලෙස
අහඹු කඳුලක් සමඟ ගොවි ඇස
නෙළඹු නටුවෙන් කඩා සියපත
මැල ව ඇත සන්හිඳේ පාමුල

තුන්සිය හැටපහ ම දින
නැසුණත් කටුමැටි මැඳුර ම
ජීවිතේ දියවෙන්න කාරණ
හැකිනම් කියපන්නැ මහතුන ? ?

1 comment:

  1. බොහොම අගෙයි.
    මේක දාන්න සින්ඩි වලට.කමෙන්ට්ස් එයි ගොඩක්.

    ReplyDelete