Saturday, October 17, 2020

සොයමින් මොක් සුව වනයෙහි


මා වසා සිටි කන්ද දැන් නැත
බිඳී ගොස් එළි පුඤ්ජ තැන තැන
අසමාන කොටසින් බෙදී ගිය
සමචතුරස්‍රයක් සදිසි මගෙ සිත

බිල් ගෙවීමත් බඩු ගැනීමත් අඩුපාඩු බැර වී තිබීමත්
අඩක් නිම වූ ගෙදර වැඩ සහ ගෙඋයනෙහි තණකොළ වැවීමත්
කාරයෙන් යම් හඬක් ඒමත් එයට නිසි පිළියම් යෙදීමත්
ළමයින්ගෙ ළඟ එන විභාගත් ගෙදර වැඩ හා පන්ති යාමත්!
පිරී එම අසමාන ඉඩ කඩ, තෙරපමින් ඇත ඇවිදිමින් හිත

එවන් කිසිවක් පිරී නොතිබුණු
යාන වාහන පවා නොතිබුණු
වැළඳ පැටි විය හා යොවුන් විය
නිරුවත් දෙපයින් ඇවිදිමි
ලැබෙන එකම තත්පරයක
සොයමින් මොක් සුව වනයෙහි

- ෂසිකා අමාලි මුණසිංහ
Painting: Robert Hagan, Australia

2 comments: