Thursday, October 15, 2020

කතා කිරීමට පවා පෙරාතුව

 


මට දුරකථනයක් ලැබෙන විට
ඔබ නික්ම ගොස් අහවරය 
පාලුවෙන් හිරි වැටී ආත්මය
වියැළි පත් සුළඟට ඔහේ ගසා ගිය
උදා හා සන්ධ්‍යා සමයන්
මා පසු කර ඇවිද ගියා හෙමින්
කතා කිරීමට පවා පෙරාතුව 

නයාගේ ක්‍රීඩාව නොනවතා කෙළිමින්
නයාට නයාවම හැපෙන තෙක්
ගන කලුවර පවා නොතකමින් කුටියෙහි
ගත කළෙමි අනන්ත වූ රාත්‍රීන්

යතුරු පුවරුවක් මත මා
කැරකෙමින් සිටින අතරතුර
කඳු වළලු මත පිපුණි මුසෙන්දාස් කුසුමන්
නිසා නුබ ගැබ දිලුණි යෝග තාරකාවන්

- ෂසිකා අමාලි මුණසිංහ
Painting: Odo Dobrowolski (Polish, 1883-1917): Woman at a Window, c.1910.

No comments:

Post a Comment