Saturday, October 17, 2020

රදල කත

සියවසකට එහා මිය ගිය රදල කතකගෙ රුවක් අලවා තම මුහුණු පොත් මත ගරහනු දුටිමි පිරිමි ජන සමූහය රෙදිවලින් පොරවා නියමිතව තිබු එකල බරණ ගවසා නියමිතව තිබු එකල ඇය හිඳී බැල්මකිනිදු විරතව එකලු සේයාරුවක් පිණිස නියමිතව තිබු පරිදි රෙදි පිළි යටින් ආවරණ තිබිණිද හදවතක් ඈ වෙත? එ'හදවත මත රහසේම මතුවන කඳුළු ගුලියක් දැනේ මා වෙත ෂසිකා අමාලි මුණසිංහ

No comments:

Post a Comment