Friday, July 24, 2015

ඇති වීමට බියවන්න සකිසඳ



ඈත වෙරළත මුහුදු ඉම
තඹ පැහැ රිදී රේඛාවක නින්දාවත් පැසසුමත් වැතිරැත
නැවත ආලෝකය හා සුළඟ
ඝනීභූතව හුස්ම ගන්නට අමතක කඳු මුදුන්
බියක් දැනේ මට
අතුරුදන් විය හැකිද යම් දිනෙක ඔබ
සුළඟය කොඳුරන්නෙ එතකොට
'නැති වීමට නොවේ
ඇති වීමට බියවන්න සකිසඳ'

Picture - Александр Науменко

5 comments:

  1. බුද්ධාගමෙත් කියල තියෙනව..

    ReplyDelete
    Replies
    1. බුදු දහම මගේ ජීවිතේ සහ සිතීමේ කොටසක්..

      Delete
  2. මෙ වචන වියමනට මම් බොහෝම කැමතියි කදු.ධම්ම්පදයම මේ එකම් එක කවියෙන් පහදලා තියෙනා වගෙයි මට හිතෙන්නේ.

    ReplyDelete
  3. 'නැති වීමට නොවේ
    ඇති වීමට බියවන්න සකිසඳ'
    ආත්මයටම වැදුන කඳු. හරිම වැදගත් වියමනක්!

    ReplyDelete